ආරක්ෂිතව facebook භාවිතා කරන්නේ කොහොමද?
                                                How to use facebook safely
                                
  
    
    
     ආරක්ෂිතව facebook භාවිතා කරන්නේ කොහොමද? - 
 
    ඔබ facebook සමාජ ජාළය භාවිතා කරන්නෙක්ද? පිළිතුර ඔව්නම් ඔබ මෙම ලිපිය කෙරේ අවධානය යොමු කරන්න. එය ඔබට ප්‍රයෝජනවත්වනු ඇත.
.
අදවනවිට අන්තර්ජාළය හා facebook හරහා සිදුවන අපරාධවල ඉහළ යෑමක් දක්නට ලැබේ. අන්තර්ජාළය ඔස්සේ සිදුවන අපරාධ වැළැක්වීම උදෙසා පිහිටුවා ඇති, ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයට දිනපතා ලැබෙන පැමිණිලි ගොන්නෙන් එය තහවුරු වේ.ඉන් වැඩිම පැමිණිලි සංඛ්යාවක් ලැබී ඇත්තේ විවිධ පුද්ගලයන් සහ පින්තූර භාවිත කරමින් සකසන ලද ව්යාජ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි සම්බන්ධවයි. එය සමස්ත පැමිණිලිවලින් 80%ක් පමණ වන බව පරිගණක හදිසි ප්රතිචාර සංසදය පෙන්වා දෙයි.
.
ඊට අමතරව රහස් අංකය ශක්තිමත් නොවීම නිසා පැන නැඟෙන ගැටලු සම්බන්ධ පැමිණිලි, අනවසරයෙන් අනුන්ගේ ෆේස්බුක් ගිණුමට ඇතුළුවීම සම්බන්ධ පැමිණිලි, රහස් අංකය යහළුවන් සමීපතමයන් අතර හුවමාරු කරගැනීමෙන් පසුව ඇතිවූ ගැටලු සම්බන්ධ පැමිණිලිද ලැබී තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ ජ්යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු රොෂාන් චන්ද්රගුප්ත මහතා සඳහන් කෙළේ තමන්ගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂාකාරී ලෙස පරිහරණය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ ජ්යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉන්ජිනේරු රොෂාන් චන්ද්රගුප්ත මහතා සඳහන් කෙළේ තමන්ගේ ෆේස්බුක් ගිණුම ආරක්ෂාකාරී ලෙස පරිහරණය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි.
ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳ කල්පනාකාරීව ක්රියා කළ යුතු බවත් නිතරම තම ගිණුමේ තමාට විශ්වාස යහළුවන් පමණක් එකතු කරගන්නා ලෙසත් ෆේස්බුක්
ගිණුම් පවත්වාගෙන යන්නන්ගෙන් හෙතෙම ඉල්ලා සිටියි.
.
පින්තූර හුවමාරු කිරීමේදී එය බැලිය යුත්තේ කවුද යන්න තීරණය කර පින්තූර හුවමාරු කළ යුතු බවත් විශේෂයෙන් පෞද්ගලික තොරතුරු, නොදන්නා අයට දැනගැනීමට ඉඩ ලබා නොදීමටත් කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කළේය..
භාෂාව තෝරාගැනීමේදී එය සිංහල බසට පරිවර්තනය කර ගැනීමට පියවර ගැනීමෙන් මේ තත්ත්වයන් අවම කරගත හැකි බව සඳහන් කළ චන්ද්රගුප්ත මහතා පාස්වර්ඩ් යෙදීමේදී එය ඉතා ශක්තිමත් එකක් විය යුතු බවත් ඒ සඳහා උපක්රමශීලීව කටයුතු කරන්නැයිද වැඩිදුරටත් සඳහන් කළේය..ඔබත්, facebook භාවිතයේදී ඉහත දැක්වූ ගැටලුවකට මුහුණපා සිටින්නේනම් ඉක්මණින්ම පරිගනක හදිසි ප්රතිචාර සංසදය අමතා ගැටලුව යොමුකරන්න...
 පරිගනක හදිසි ප්රතිචාර සංසදය 
call now :0112691692
web : cert.gov.lk
 .
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.
 
                Created at 2014-10-16 04:46:25
                                                            
                                    
                                            
                    
            
            Back to posts
        
                                                        
                    
                                    
                                    UNDER MAINTENANCE
                        
 
 
    
This is a most useful coiounbrtitn to the debate