ලොව ජනප්‍රියම වෙබ් අඩවි 10.
article by bawantha herath.
ලොව ජනප්‍රියම වෙබ් අඩවි 10. -
අද ලිපිය අන්තර්ජාළය සම්බන්ධ ලිපියකි. අන්තර්ජාළය ගැන කතාකිරීමේදී වෙබ් අඩවි යනු නිතැතින්ම කතාබහට ලක්වන මාතෘකාවක්වන අතර ලෝකයේ වැඩිම පිරිසක් භාවිතාකරන සහ ජනප්‍රියත්වයෙන් ඉහළ, පළමු වෙබ් අඩවි 10 පහත ලෙස අනුපිලිවෙළට පෙළගැස්විය හැක.
.01. Google
Google යනු ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රයයි (search engine). අමෙරිකානු ජාතික larru page සහ sergey brin යන දෙදෙනා විසින් 1998 සැප්තැම්බර් 4 වෙනිදින ආරම්බ කරන ලද google අදවනවිට සාර්තකත්වයේ හිනිපෙත්තටම ලගාවී ඇත.
.02. Facebook
ලොව විශාලතම සමාජ ජාළය ලෙස හැදින්වෙන facebook, 2004 පෙබරවාරි 4 වෙනි දින mark zuckeberg, eduardo severin ඇතුලු පිරිස විසින් ආරම්භ කරන ලදී. අදවනවිට facebook සමාජ ජාළයතුල තුල, දිනපතා භාවිතාකරන්නන් මිලියන 890ක පිරිසක් සිටිනබව වාර්ථා වේ.
.03. Youtube
2005 පෙබරවාරි 14 වනදින steve chen ඇතුලු පිරිස විසින් නිර්මාණය කරනලද youtube වෙබ් අඩවිය ලොව විශාලතම video sharing වෙබ් අඩවිය ලෙස හැදින්විය හැක. phython පරිගනක භාශාවෙන් ලියන ලද youtube මගින් ඕනෑම ක්ෂේත්‍රයක වීඩියෝවක් පහසුවෙන් සොයාගත හැකියි.
.
04. Yahoo
yahoo, යනු ලොව දෙවැනි සෙවුම් යන්ත්‍රයයි. එය දෙවැනි වන්නේ google සෙවුම් යන්ත්‍රයටයි. 1994 ජනවාරි jerry, david filo යන දෙදෙනා විසින් ආරම්භ කරනලද yahoo වෙබ් අඩවිය සමග මේ වනවිට මිලියන 700ක භාවිතාකරන්නන් පිරිසක් සිටිනබව වාර්ථාවේ.
.05. baidu.com
Baidu යනු චීනය ඇතුලු රටවල ජනප්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයකි. Baidu වෙබ් අඩවිය, robin li විසින් 2000 වසරේ ආරම්භ කරන ලදී.
.06. amazon
Amazon වෙබ් අඩවිය, අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිළදීගැනීමේ හැකියාව ඇති වෙබ් අඩවියකි. amazonහි logo එකෙහි නිරූපණය වන අන්දමට A to Z ලෙස ඔනෑම ආකාරයේ භාණ්ඩයක් මෙමගින් මිළදීගත හැක.
.07. wikipedia
ලොව විශාලතම නිදහස් විශ්වකෝෂය ලෙස wikipedia හැදින්වේ. 2001 වසරේ Jimmy wales ඇතුලු පිරිස විසින් ආරම්භ කරන ලද wikipedia, PHP භාෂාවෙන් ලියවූවකි. මෙය නිදහස් විශ්වකෝෂයක් බැවින්, එයට අලුතින් ලිපි එක්කිරීම සහ පවතින ලිපිවල අඩුපාඩු නිවැරදි කිරීම ඕනෑම අයෙකුට කළ හැකි අතර මෙහි ක්‍රියාකාරි සංස්කරණය කරන්නන් ලෙස 69 189ක පිරිසක් සේවය කරන බව වාර්ථා වේ.
.08. Taobao
Taobao.comද amazon වැනි භාණ්ඩ මිලදීගත හැකි online shoping වෙබ් අඩවියකි. චීනයේ alibaba group නැමැති ව්යාපරය යටතේ පවත්වාගෙන යනු ලබන මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2003 මැයි මස 11 වැනිදායි.
.09. Twitter
Twitter යනු ලෝකයේ ජනප්‍රිය සමාජ ජාළ වෙබ් අඩවියකි. 2006 jack dorsey විසින් ආරම්භ කරන ලද twitter, java පාදක කොටගත් වෙබ් අඩවියකි. ලොව පුරා මිලියන 284ක ක්‍රිකාරී පිරිසක් twitter හා සම්බන්ද වී සිටියි.
.10. Tencent qq
Tencent QQ වෙබ් අඩවිය tencent holdings limited සමාගමට අයත් පණිවුඩ හුවමාරු කරගැනීමේ වෙබ් අඩවියකි.
.මෙහි දක්වන ලද වෙබ් අඩවි අනුපිළිවෙල, 2015 පෙබරවාරි මස ලබාගත් ඒවා වන බැවින් කාලයත් සමග මෙම අනුපිලිවෙළ වෙනස් විය හැකිබව කරුණාවෙන් සලකන්න. තොරතුරු wikipedia මගිනි.
Created at 2015-02-24 19:59:41
Back to posts
UNDER MAINTENANCE